Thursday, December 12, 2013

දැයේ නිමල පහන නිවා දමා දස වසරයි..

දැයම පුබුදුවාලූ..
නිමල පහන නිවුනා..
අවිඳු අඳුර දුරලු..
නුවන පහන නිවුනා..
සසුනඹර දිලුන අපේ සෝම සමිඳ ඔබ
රහසේම නික්මී තිබුනා... //

මේ ගීතය ඇසෙනට අපිට කෙතරම් අඬනවද..අප හදවත් කෙතරම් දුකින් බර වෙනවද.. තවමත් මේ මොහෙතෙත් ඉදිරියටත් අපේ හදවත් එසේ තියේවි... අපේ සෝම හාමුදුරුවෝ.. අපි එය උන්වහන්සේට කියන්නේ අපේ හදවතේ තියන ගැඹුරුම තැනින් බව අපි දන්නවා... අදට එනම් දෙසැම්බර් 13 වෙනිදට උන්වහන්සේව අපට අහිමි කර වසර 10ක්.. කෙසේනම් අතීතය අපි අමතක කරම්ද...


Sunday, December 8, 2013

අපි සැබෑ නත්තල සැමරුවෙමු..

නත්තල.... නත්තල සැමරීමට මුළු ලොවම ලහි ලහියේ සුදානම් වෙද්දී අපිද අපේ ජනමාධ්‍ය විද්‍යාලයේ නත්තල සැමරීමට කටයුතු සම්පාදනය කළේය...අචාර්ය වරුන්ගේන් නොමද අනුශාසනා ලබමින් අප නත්තල සමරන අකාරය ගැන සියලුම ළමුන් සමග සාකච්චා කරමින් විවිධ වූ තීරණයන් ගත්හ.. සමහරුන්ගේ යෝජනාව වුයේ නත්තලේ අපි සියලු දෙනා විනෝද වී පිස්සුවක් කෙලමින් ආතල් එකක් දාගෙන ලොවට සාමය පණිවුඩය රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත සැමරීමටය. එහත් බහුතර බෞද්ධයන්ගේ හිත ඒ සඳහා ඉඩ දුන්නේ නැත. එහිදී බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් යෝජනා කරන ලද්දේ අප මේ නත්තල සැමරමිට නොහැකි කෙනෙකුට සැමරීමට අවස්තාවක් දෙමු යන්නය... 

Tuesday, December 3, 2013

RIP and LOL

රට බෙරගන්න ගිහින් රණවිරුවෝ දහස් ගානක් මැරුණු බව සැබෑය...
ඔවුන්ව අදටත් විශේෂ දිනවල සිහිකරන බව සැබෑය...
රටක් ජාතියක් අවදි කල සෝම හිමි අපවත් කර මෙම මාසයට මෙම අවුරුද්දට දස වසරකි..
බවුද්ධයන් අන්‍යාගමිකකරණයට එරෙහිව හා තවත් ඉල්ලීම් වෙනුවෙන් ඉන්ද්‍ර රතන හිමි අපවත් විය...
ds සේනානායක විද්‍යාලය පිහිටුවා දහස් ගානක් කොල්ලන්ගේ දෑස් පෑදු රටක් වටිනා ගුරුවරයෙකු අද අවසන් ගමන් ගියේය... එහෙත්..

මොවුන් වෙනුවෙන් fb එක තුල කතා කරන කිහිප දෙනා ඇරෙන්නට වෙන එකෙක්වත් කතා කරේ නැත.

ලාංකීය fb එක Paul Walker (පෝල වෝකර්) ගේ මරණය අපේ රටට මාර පාඩුවක් ලෙස සලකමින් ජාතික වීරයෙක් ලෙස සෙලෝලයිඩ් තිරය තුල සිටින කාඩ්බෝඩ් වීරයෙකු උදෙසා ශෝක ගීත වලින් පසුගිය දවස් දෙකතුන පිරි ඉතිරි තිබුනේය..

එතනින් පෙන්වන්නේ නොමැති පොෂ පෙන්වාගැනීමය... තමන් hollywood සමග බැඳුනු නිරන්තර member කෙනෙක් යැයි අනුන්ට පෙන්වීමය...

අපේ නළුවන්ටනම් Paul Walker (පෝල වෝකර්) තරම් රඟ පාන්නට බැරිබව සැබෑය. මන්ද අපේ වුන්ට car වලින් වැඩ දැමීමට carද මෙහි නැත. අහ ඉංගිරිසිද Paul Walker (පෝල වෝකර්) මෙන් බැරිය.

එහත් මටනම් ජෝ අබේවික්‍රම, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න , ගාමිණි ෆොන්සේකා, කමල් අද්දරආරච්චි, අදටත් නළුවන්ය.

බවුද්ධයන් කනගාටුව ප්‍රකාශ කරන්නේ RIP කියාය..එක ඊට එහා හිරිකිතය.