Thursday, November 28, 2013

මහවිරු දිනය හා ශ්‍රීධරන්...

 අදින් වසර පහකට කලින් වසර 30ක් දකුණේ ජනතවට නොවැම්බර් 27 යනු භීතිය, සැකය මුසු වූ දිනයක් විය. මන්ද වසර 30ක් තිස්සේ අප රට වෙලාගනිමිනි තිබු කොටි ත්‍රස්තවාදීන්ගේ මහා විරු දිනය සෑම වසරකම නොවැම්බර් 27 වන දින දී තිබීමයි. ඊට පෙර දින එනම් නොවැම්බර් 26 වන දින අප රටේ ශාපයකට පහල වූ LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනයයි. මහා විරු දිනය යනුවෙන් අදහස් වෙන්නේ LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් ඔහුගේ මේ අවිගත් අරගලය නිසා ඔහු වෙනුවෙන් ඔහුගේ සංවිධානය වෙනුවෙන් මියගිය කොටි ත්‍රස්තවාදීන් සිහි කරමින් කරනු ලබන දේශනය එදිනට සිදු කිරීමයි. එහිදී එම දිනය දා ඔහුගේ සහචරයන් විසින් දකුණේ කුමන හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වන බව දකුණේ ජනයා මෙන්ම උතුරේ ජනයාද දැනගෙන සිටි කරුණකි.

Monday, November 25, 2013

යුද්ධය ඉවරද ? නැතිනම් LTTE එක ඉවරද ?

යුද්ධය, ඔවු යුද්දය, අවුරුදු 30ක් තිස්සේ අපේ ලක් දෙරණේ  සාපය දැන් අවසානය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ දේශපාලන නායකත්වයෙනුත් ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් ආරක්ෂක අංශ වල සහයෝගයෙනුත් එය මවුබිමෙන් අතුගා දමන්නට ඔවුනට හැකිව. අද අපි එම නිදහස භුක්ති විඳින බව සැබෑය. එසේනම් යුද්දය ඉවරය. අප එය සෑම මැයි මාසයකම සමරන්නෙමු. එහෙත් මොහොතකට මෙය සිතුවාද..? යුද්ධය ඉවර වුවත් LTTE ඉවරද යන්න ඔබ සිතුවාද... මාගේ පිලිතුරනම් නැත යන්නය. 

Thursday, November 21, 2013

"චෝගම්"

සුද්දා අපේ රට ඇතුළුව ලොව රටවල් ගණනාවක්ම පාලනය කරමින් ඒවා සුරාකමින් තම අධිරාජ්‍ය ගොඩනැගුව බව සැවොම දනිති. ඒ ඉතිහාසය අවුරුදු 500ක් 600ක් එහාට දිවයයි. අදටත් සමහරක් පාලන ප්‍රදේශ එම අධිරාජ්‍යවාදීන් විසින් පාලනය කරයි. පෙරදිග රටවල් වලට එසේ කරේ බ්‍රිතාන්‍ය ප්‍රධාන කොටගත් බටහිර ජාතීන්ය. එදා එලෙස යටත් කරගෙන තිබු රාජ්‍යන් අද ස්වාධින නිදහස් රාජ්‍යන් වී ඇත.