යුද්ධය, ඔවු යුද්දය, අවුරුදු 30ක් තිස්සේ අපේ ලක් දෙරණේ සාපය දැන් අවසානය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ දේශපාලන නායකත්වයෙනුත් ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් ආරක්ෂක අංශ වල සහයෝගයෙනුත් එය මවුබිමෙන් අතුගා දමන්නට ඔවුනට හැකිව. අද අපි එම නිදහස භුක්ති විඳින බව සැබෑය. එසේනම් යුද්දය ඉවරය. අප එය සෑම මැයි මාසයකම සමරන්නෙමු. එහෙත් මොහොතකට මෙය සිතුවාද..? යුද්ධය ඉවර වුවත් LTTE ඉවරද යන්න ඔබ සිතුවාද... මාගේ පිලිතුරනම් නැත යන්නය.
යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුධ සමයේද අපට ජාත්‍යන්තරව බලපෑම් එල්ල වන්නට විය. එල්ලවෙමින්ද පවතී. ඒ අපට ආදරයට නොව ලංකාව තුලින් නැතිවී ගිය ජාත්‍යන්තර අභිමානය කෙසේ හෝ අප තුලින්ම නැවත ගොඩනගා ගැනීමටය. ලෝක බලවතුන්ගේ ශක්තිය මහා පුදුම එකකි. ඔවුන් කරන්නට කියන දේට සෑම අනෙකුත් ස්වාධින රටවල් දෙකට නැමී ඔවුනට අපේක්ෂා ඉටු කල යුතුය. නැතිනම් ඔවුන් විසින්ම සකස් කරගත් න්‍යාය පත්රයකට අනුව ක්‍රියා කරමින් ඔවුන්ම සාදා ඇති නීති පද්ධතියක් ඔස්සේ විවිධ වූ බලපෑම් එම රටවල් වලට එල්ල කරයි. අපට වර්තමානයේ මේ එල්ලවමින් ඇත්තේ එවන් වූ ක්‍රමවේදයකට සකස් වූ ක්‍රියා පිළිවෙතකි.
බොහෝ LTTE සාමාජික සාමාජිකාවන් පිරිසක් යුද්ධයේ ගැටුම් වලදී මිය ගියේය. තවත් පිරිස් භාර විය. භාර වූවන්ගෙන් බොහෝ පිරිස් පුනුරුත්තාපනය වී තම නිවෙස් කරා ගොස් පොලවේ පය ගසා නියම මිනිසුන් ලෙස ජිවත් වෙයි. තවත් සමහරුන් පෙර කල වැරදි වලට තවමත් නඩු අසමින් කඳවුරු වල සිටියි. එතනින් අප රටේ LTTE අවසන් වන්නේ නැත. මා එසේ කියන්නේ මේ නිසාය. LTTE වෙනුවෙන් පෙනීසිටින බ්‍රිතාන්‍යයේ අගමැති තුමා යාපනයට ගියේය. එහිදී ඔහුට පෙනෙන්නට පෝස්ටර් පෙන්නගෙන ඉදිරියට ආවේ කවුරුන්ද...? ඔහුට කේළාම් කියන්නට සැදී පැහැදී සිටියේ කවූරුන්ද ? ඒ LTTE හෙවනැලි ලෙස පිළිගැනීමට කව්රුත් මැලිවෙයි. දේශීය වශයෙන් LTTE ය විනාශ වී ඇත්දැයි අප දකුණේ මිනිසුන් සතුටින් පැවසුවද වී ඇත්තේ LTTE ය බාගෙට මියයාම පමණි. යුද්ධය ඉවර බව සැබෑය එහෙත් LTTE ය ඉවර නැත.
තමිල්නාඩුවෙන් දැන් ඇසෙන ගෝරනාඩු එදා වතුර උගුරක් ඉල්ලමින් ලාංකික හමුදා වෙත දිව ආ අහිංසක දෙමළා වෙනුවෙන් ඇසුනේ නැත. එහෙත් පොරවාගත් අවිගත් අභිමානයක් වෙනුවෙන් දැන් ඔවුන් පෙනී සිටියි. දේශීය වශයෙන් LTTE යට පන පොවන්නේ දෙමල ජාතිකයන්ම නොවේ. සිංහල අපේම උන්ද එම ජවනිකාවේ ප්‍රධාන චරිත රැසක් රඟපාති. මා ඔවුන්ගේ නම් මෙහිදී හෙළිකරන්නට යන්නේ නැත. මන්ද එය ඔබ හොඳාකාරවම දන්නා බැවිනි. හොඳම උදාහරණය මෑතකදී රටේ ප්‍රධාන විපක්ෂය ලෝක මට්ටමේ සමළුවක් පැවැත්වෙන කාලසමයේ නටපු නාඩගමය. මහින්ද සමග දේශපාලන වශයෙන් වෛරයෙන් පෙළුනත් රටට ආදරේ පුද්ගලයකුට තම මව්බිමට වෛර කරන්නට බැරිය. එහෙත් වී ඇත්තේ මහින්ද සමග තිබෙන තරහට පණ අදින LTTE යට වතුර පෙවීමය. ඔවුන් ඒ උත්සහ දරන්නේ නැවත මෙවැනි අර්බුදයක් මතුකරමින් දේශපාලන වාසි ලබාගැනීමටය.
දෙමළා යන ගමන නොනවත්වා ඌ යති. කෙසේ හෝ උන් උන්ගේ අභිප්‍රාය වෙත තමන්ගේ වුන් පාවා නොදෙමින් හැංගි හොරා හෝ ගමන් කරයි. අපේ එවුන් අපේම උන් මරාගනිමින් , පාවා දෙමින් පටු වාසි තකා උන්ගේ පශ්චාත් භාග සේදීමට පස්සෙන් යයි. එවිට සිදු වන්නේ දිනාගත් යුද්ධය මුල බීජය නම් වූ LTTE ය නැවත ප්‍රාණවත් වීමය.
අකමැත්තෙන් හෝ පිළිගත යුත්තේ යුද්ධය කරත් LTTE ය ඉවර කර නැත යන්නය. මන්ද LTTE ය ඉවර කිරීමට අපේම උන් ප්රමුඛව වටේ ඉන්න වුන් ඉඩ දෙන්නේ නැත.
තෙරුවන් සරණයි!
No comments:
Post a Comment