සුද්දා අපේ රට ඇතුළුව ලොව රටවල් ගණනාවක්ම පාලනය කරමින් ඒවා සුරාකමින් තම අධිරාජ්‍ය ගොඩනැගුව බව සැවොම දනිති. ඒ ඉතිහාසය අවුරුදු 500ක් 600ක් එහාට දිවයයි. අදටත් සමහරක් පාලන ප්‍රදේශ එම අධිරාජ්‍යවාදීන් විසින් පාලනය කරයි. පෙරදිග රටවල් වලට එසේ කරේ බ්‍රිතාන්‍ය ප්‍රධාන කොටගත් බටහිර ජාතීන්ය. එදා එලෙස යටත් කරගෙන තිබු රාජ්‍යන් අද ස්වාධින නිදහස් රාජ්‍යන් වී ඇත.
මාගේ මාතෘකාව "චෝගම්" ය. එය අපේ ජාතික භාෂාවෙන් කිවහොත් "CHOGM" Commonwealth Head of Government Meeting ය. එනම් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමළුව යන්නය. මා මේ යන්නේ "චෝගම්" පිළිබඳව හැඳින්වීමක් ඔබ හමුවේ තබන්නට නොවේය. ඔබ මෙලහකටත් චෝගම් යනු කුමක්ද ? එහි වර්තමානය තත්වය කුමක්ද යන්න හොඳාකාරවම දන්නා බව මාගේ හැඟීමයි. මන්ද මෙවර චෝගම් සමළුව ශ්‍රී ලංකාවේ පැවත් වූ නිසා , අප දේශීය මාධ්‍ය එකිනෙකා පරයමින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කල නිසා සියලු දෙනා මේ පිළිබඳව දන්නා බව මාගේ අදහසයි.
මෙවර "චෝගම්" 2013 සමළුවට ශ්‍රී ලංකා රජය විශාල වශයෙන් වියහියදම් කොට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණහ. බොහෝ රාජ්‍ය සේවකයින් රාජ්‍ය නොවන සේවකයින් මෙය වෙනුවෙන් රාජකාරි සඳහා අනුයුක්ත කර තිබිණි. දිනක් මා ඉගන ගන්නා විද්‍යාලයේදී ( ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නාරාහේන්පිට) එක් දේශනයකදී මාගේ එක් ගුරුවරියක් පැවසුයේ "චෝගම්" සඳහා ස්වෙච්චා සේවකයන් අවශ්‍ය කර ඇති බවත් ඒ සඳහා කැමති කව්රුන් හෝ සිටීද යනුවෙන් ඇය ඇසුවේය.. එය ඇසු පමණින් මාගේ සිත කෙතරම් සතුටු වුවේද යන්න දන්නේ මා පමණය. කෙසේ හෝ මම සහා මගේ තවත් මිතුරියක් මේ සඳහා සිංහල මාධ්‍යයෙන් තොරාගැනිනි. ඒ දිනවල මා පසුවූයේ අපමණ කියාගත නොහැකි තරම් වූ සතුටකිනි. මන්ද මෙවැනි සමළුවක් නැවත අපේ ජිවිත කාලය තුල අපට මෙරටදී දකින්නට නොලැබෙනු ඇත.
තෝරාගත් පසු අපව වෙන වෙනම හඳුනා ගනිමින් අපට වැඩ පැවරුයේ අප කෙරෙහි අපමණ විශ්වාසය තබමිනි. මන්ද අප ස්වේච්චාවෙන් සේවාව සැපවුයේ ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය අංශයටය. මා සිතට ගත්තේ මට ලැබෙන්න වූ මොනයම් හෝ වගකීම අකුරටම 100%ක් හරියට සිදු කිරීමය. මක්නිසාදයත් මොනයම් හෝ වරදකින් මාගේ රට හෝ මාගේ ඉහල නිලධාරින් පොඩි වැරද්දකින් හෝ අපහසුතාවයට පත්වන නිසාය. මා පමණක් නොව තවත් මා වැනිම 20කට අසන්න පිරිසක් අප සමග එකට මෙහි සේවය කළහ. අප සියලු දෙනා එක පවුලක් ලෙසින් වැඩ කරීම මට අදහාගත නොහැක. මන්ද සියලු දෙනාම තමන්ට ලැබෙන වගකීම එලෙසෙම ඉටු කළහ. කා තුළවත් ඉර්ශ්‍යා සහගත, වෛරී සහගත, ද්වේශ සහගත කුහක අදහස් තිබුනේ නැත. අප එවැනි දෑ දන්නේද නැත. එකෙක් පරයමින් අනෙකා දීදුලන්නට වෙර දැරූ කව්රුන් හෝ සොයාගත නොහැකි විය.
මා හදාරන්නේ ජනාමද්යය ය. මා විශේෂයෙන් "චෝගම්" වලින් ඉගන ගත් දෙයක් ඇත. එනම් මාද්යයේ සිදුකල යුතු කැපවීම් ගැනය. අපට තත්පරයද කෝටියකටත් වඩා වටිනේය. මන්ද අපට අවස්ථාව ලැබෙනුයේ එවන් ලෝක මට්ටමේ සමළුවක් ආවරණය කරීමට විනාඩි දෙක තුනක් හෝ ඊට අඩු කාලකයක්ය. එය අප උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන මාද්‍ය වාර්තා ලිවීමට අනෙකුත් මාධ්‍යන්ට යැවීමට කටයුතු කල යුතුය.
එතන අපට ඉහලින් සිටි නිලධාරින් ගැන යමක් කිව යුතුය. ඔවුන් සිය දිවිහිමියෙන් තම රාජකාරියට කැපවුණු සුන්දර මිනිසුන් පිරිසක් විය. හදවතින්ම ශ්‍රී ලාංකික වූ ඔවුන් තුල ආගම් බේද ජාති බේද කිසිවක් නොතිබුනහ.. තිබුනේ තමන් ශ්‍රී ලාංකිකයෙක් නිසා තමන්ට පැවරෙන රාජකාරිය ඉටුකිරීම පමණි.
සාමුහිකව වැඩ කිරීම, අන්‍යයෝන්‍ය අවබෝධය, ක්‍රියාශීලි බව, සුහදශිලිත්වය සැමවිටම අප සතුව තිබිණි. සැමවිටම මුවඟ සිනාවක් තබාගනිමින් වැඩ කල අපට මහන්සියක් යනු කුමක්ද කියාවත් දන්නේ නැත. අපට අප ස්වෙච්චා සේවකයන්දයි සිතීමට පවා අපහසු විය. මන්ද ඒ තරම් අප ඔවුනට සමීප වී මෙම චෝගම් 2013 සමළුවේ මාධ්‍ය ආවරණයට සම්බන්ධ විය. අපට ඉහලින් සිටින කිසිවෙකුත් අප නොදන්නා දෙයක් අපට කියාදීමට මැලිවුණේ නැත. තවද ඔවුන් නොදන්නා දෙයක් අපෙන් හෝ අසා ගැනීමට තරම් ඔවුන් නිහතමානි වුහ.
මා "චෝගම්" හි දේශපාලන බුමිකාව පිළිබඳව කතා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නේ නැත. මෙයට පක්ෂ විපක්ෂ බොහෝ පිරිස් සිටිය. එහෙත් මා මේ පැවසුයේ මෙවැනි සමළුවක මාගේ දායකත්වය ලබාදීමට තරම් වාසනාවන්තයෙකු වූ හෙයිනි. එයට මාගේ හදවතින්ම ස්තුතිය පුද කරන්නේ ,
යන පිරිසට ප්‍රධාන වශයෙන් අපට ලබා දුන් මේ අවස්ථාවට ස්තුතිවන්ත වෙමි. ඇත්ත වශයෙන්ම කිවහොත් මා ඔබ සැමට ණයගැතිය.
තෙරුවන් සරණයි.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට,
විද්‍යාලයේ මාගේ ගුරුවර ගුරුවරියන්ට,
අප විද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂක, ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය අංශයේ ප්‍රකාශිකා අනුරාධා කේ. හේරත් මහත්මියට,
ජනාධිපති මාධ්‍ය අංශයේ සැකි අහමඩ් මහතාට
තෙරුවන් සරණයි.
No comments:
Post a Comment