Sunday, March 30, 2014

විස්සයි විස්සේ ඉතිහාසය

ක්‍රිකට් ක්‍රිකට්… මේ දිනවල බොහෝ ලෙස ලංකාවේ මෙන්ම ලෝකයේද කතා බහාට ලක් වන ක්‍රීඩාවකි. ලංකාවේ අපිට නම් වසර 6 කට පසුව ලෝක මට්ටමේ කුසලානයක් ජයග්‍රහණය කිරීමේ හේතුව නිසා මේ දිනවල ක්‍රිකට් පිලිබඳ වැඩි කතා බහට ලක් කරයි. අනේ කාරණයනම් අදින් ආරම්භ වන 5 වන පන්දුවාර 20 ලෝක කුසලානය නිසාය. තරඟාවලිය අදින් ආරම්භ වුවත් අපේ පිළ දිවයිනෙන් අද පිටත්ව ගොස් සිය ප්‍රථම තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව ලබන 22 වැනිදා තරඟ කරයි. අද මන් මේ ඔබට විස්තර ගෙනෙන්න යන්නේ මිට ප්‍රථම තිබු පන්දුවාර 20 ලෝක කුසලන තරඟාවලි පිලිබඳ කෙටි විස්තරයක්ය. එය හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අපේ වචනයෙන් කිවහොත් ” ක්‍රිකට් පිස්සන්ට ” තමන්ගේ ක්‍රිකට් දැනුම වැඩි කරගැනීමටය.


T20 තරඟ ඉතිහාසය වසර කීපයක ඈතට දිව යන්නකි. ඒ එංගලන්තයේ මෙන්ම තවත් සමහරක් රටවල දේශීය මට්ටමෙන් T20 ක්‍රීඩා කරන නිසාය. එහෙත් T20 ජාත්‍යන්තර කරලියට පැමිණෙන්නේ 2005 පෙබරවාරි 17 වනදාය. පළමු T20 තරඟය පවත්වන්නට වාසනාව උදාකරගන්නේ නවසීලන්තයයි. මෙහෙදී තරඟ වදින්නේ එක ලෝක ශුර ඔස්ට්‍රේලියාව සහ සත්කාරක නවසීලන්තයයි. මෙම තරඟයෙන් ලකුණු 44 ක ඉතිහාසජනක ජයක් ඕස්ට්‍රේලියානුවන් හිමිකරගන්නේ පළමු T20 තරඟ ජයග්‍රහණයත් සමගය. එතැන් පටන් රට රටවල් අතර T20 තරඟ, තරඟාවලි පවත්වමින් T20 රටාව ඉදිරියට ආහ. ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගනිමින් දිනෙන් දින T20 වර්ධනය වුහ. මේ හේතුන් නිසාම icc යට T20 ලෝක කුසලාන තරඟාවලියක අවශ්‍යතාව දැනුනි. ඒ අවශ්‍යතාව නිසාම 2007 පන්දුවාර ලෝක කුසලාන තරඟාවලියේ උෂ්ණත්වය මැකෙන්නත් කලින්ම පළමු T20 ලෝක කුසලානය 2007 වසරේදී පැවැත්වින. 2007 වසරේ සැප්තැම්බර් මස 11 වන දින පළමු T20 ලෝක කුසලාන සත්කාරක රට වූ දකුණු අප්‍රිකාව සමගින් බටහිර ඉන්දීය කොදෙව්වන් තරඟ කළහ. මෙහෙදී පළමු T20 තරඟයක තිබෙන ආකර්ෂණය තවත් වැඩි කරමින් ක්‍රිස් ගේල් පන්දු 57 කදී ලකුණු 117ක් ලබාගනිමින් පළමු T20 ලෝක කුසලානයට මනා ආරම්භයක් ලබා දුනි. එයින් පටන් පළමු T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුකම් ලබන්නේ ඉන්දියාව හා පාකිස්තානයයි. ලකුණු 5කින් පළමු ලෝක කුසලාන ජය ඉන්දියාව ජය හිමිකර ගන්නේ පකිස්තානයට තවත් පන්දු තුනක් ඉතිරිව තිබියදීය. ඉන්දියාව ලකුණු 157 මුලින් පන්දුවට පහර දී ලබගාන්න අතර පාකිස්තානය පන්දුවාර 19.3 කදී සියලු දෙනා දැවී ලබන්නේ ලකුණු 152ක් ය.
මෙසේ පළමු T20 ලෝක කුසලානය ඉන්දියාව තම රටට ගෙනයද්දී දෙවන ලෝක කුසලානය එයින් වසර දෙකකට පසුව 2009 ජුනි මස ක්‍රිකට් උපන් දේශයේදී පැවැත්වෙයි. ඒ හිරු නොබසින අධිරාජ්‍ය වූ එංගලන්තයේය. ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසි අතර ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ඔස්ට්‍රේලියාව තරඟාවලියෙන් ඉවත් කර තරඟ බිමට පැමිණියහ. එතැන් පටන් තරඟයෙන් තරඟය මනා ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම, පිටපිට දෙවන වරටත් T20 අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පාකිස්තාන පිළ සමගින් අවසන් මහා තරඟයට පිවිසෙයි. එහෙත් අවාසනාවන්ත ලෙස දෙවන T20 ලෝක කුසලානය පකිස්තානය හිමිකරගන්නේ කඩුලු 8 කින් ලංකාව පරාජයට පත් කරමින්ය. මෙහිදී ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දී ලකුණු 138ක් ලබාගන්න අතර පකිස්තානය කඩුලු දෙකක් පමණක් ලංකාවට ලබා දෙමින් ලෝක කුසලානය ජයග්‍රහණය තමන් සතු කර ගත්හ. මෙහෙදී දෙවන T20 ලෝකකුසලන තරඟාවලි වීරයා ලෙසින් ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් සම්මාන ලැබුහ.
තෙවන T20 ලෝක කුසලානය 2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙවු දේශයෙදී පැවැත්වින.අර්ධ අවසාන පුර්ව තරඟයේදී එංගලන්තය ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්හ. ඔස්ට්‍රේලියාව සමගින් ඔවුන් තරඟ කරමින් සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක මට්ටමේ කුසලානයක් ඔවුන් තම මවු බිමට රැගෙන ගියහ.
සිව්වන ලෝක කුසලානය පැවැත්වීමේ වාසනාව අප මේ පුංචි මවුබිම හිමි කරගත්හ/ 2011 පන්දුවාර 50 ලෝක කුසලානය නිම වී එහි අනුශුරයන් වූ උණුසුම මැකෙන්නටත් කලියෙන්ම මෙය පැවැත්වීම අප රටේ ප්‍රේක්ෂකයන්ට මහත් වූ වින්දනයක් විය. ලංකාවේ ක්‍රීඩාංගන තුනක පැවති එවර තරඟාවලියේ අවසන් මහා තරගයට දෙවන වරටත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබිය. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමගය. කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති අවසාන මහා තරඟයේදී ලකුණු 36 කින් සත්කාරක ශ්‍රී ලංකාව පරදවා කොදෙව්වන් සිව්වන T20 ලෝක කුසලානය තමන් සතු කරගත්හ. ඒ ඔවුන් 1979 පසුව හිමිකරගත් පළමු ලෝක කුසලාන ජයග්‍රහණ විය.

ඉතින් මෙසේ T20 ලෝක කුසලාන තරඟාවලි 4 පැවත්වී අවසාන් වී ඇත. දැන් 5 වන ලෝක කුසාලනය අද සත්කාරක බංගලදේශය හා ඇෆ්ගනිස්තානය අතර සුදුසුකම් ලැබීමේ වටයෙන් ආරම්භ වෙයි. මෙවර සුදුසුකම් ලැබීමේ වටයට නේපාලය, හොං කොංග් දේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය , නෙදර්ලන්තය, අයර්ලන්තය, සිම්බාබ්වේ යන රටවල් ක්‍රීඩා කරයි. ලංකාව අයත් වන්නේ සුපිරි කණ්ඩායම් අංක 1 ටය. එහි ශ්‍රී ලංකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය තරඟ වැදීමට නියමිතය. අදින් ආරම්භ වන පස්වන T20 ලෝක කුසලානය ලබන අප්‍රියෙල් 6 වන දින අවසන් වීමට නියමිතය.

1 comment:

  1. Lucky Club Casino Site
    Lucky Club Casino is the perfect place to get started, and we've created a page to assist you with your gambling. Start gambling with our free casino bonus and  Rating: 4.6 · luckyclub.live ‎3 votes · ‎Free · ‎Game

    ReplyDelete