Thursday, May 15, 2014

වෙසඟේ කාපු කට්ටක්..

ජිවිතයේ එක එක යහළුවන් අපිට මුණ ගැසෙයි. ඔවුන් සමග කරන තාක් බලු වැඩ, ගොන් වැඩ, ගුටි කන වැඩ කරමින් කෙලිදොලින් කාලය ගත කරයි. මේ මාගේ ජිවිතයේ මට හම්බුනා මගේ සුපිරි බොක්කක් සමග සිදු වූ එක් චාටර් සිදු විමක්ය.

ලසිත මචන් පන්සලේ බෝධි පුජාව ඉවරෙල යමුද වෙසක් බලන්න.. ඒ මගේ හඬ ලසිත වෙත යොමුවිය. " එත් සරම ගහගෙනනේ අද පන්සල් යන්න ඕනේ බැනේ සරම ඇඳගෙන යන්න." ලසිතගේ පිළිතුර විය. " එහෙනම් මල්ලි අපි ඇඳුම් අරගෙන එමු. බෑග් එකේ දාගෙන ඇවිත් පස්සේ බෝධි පුජාව ඉවරෙල සරම ගලවල මාරු කරගෙන යමු " මාගේ පිළිතුර විය. අවසානයේ දෙදෙනා 2008 වසරේ වෙසක් පොහෝ දිනයේ පුංචි පන්සලේ බෝධිපුජාව ඉවර වී සරම් ගලවා බෑග් එකේ ඔබ්බවා පාට ඇඳුම් දාගෙන මාගේ පට පට පට ගාන සිංගර් මදුරුවාගේ පිටේ යන්නට ලැස්ති විය. වෙලාව රාත්‍රී 9ට පමන විය. පුංචි පන්සල් හන්දිය අක්කර පනහ කිඹුලාපිටිය පහු කරමින් අපේ ගමනාන්තය වුයේ මිනුවන්ගොඩ අලුතපොල පන්සල වෙත යාමටය. කිඹුලාපිටිය පහු කරමින් පාලු පෙදෙසකට පැමිණි විට මාර්ගයේ දෙපස සිටි පිරිසෙන් උදවු ඉල්ලගෙන නිවැරදිය අලුතපොල පන්සලට යන මාර්ගය දැනගතිමි. මන්ද මදුරුවා ගත පසු එවන් දුරක් යන පළමු අවස්ථාවද එය විය. පාලු කැලා ප්‍රදේශ වල කරණිය මෙත්ත සුත්‍රය දේශනා කරමින් අපේ ගමන අපි ගියහ. අවසානයේ අලුතපොල පන්සලට ලඟා විය. ඒ අතර තුර දන්සල් කීපයක් රස විඳීමට අමතක නොකළහ. පන්සලේ පැයක් පමණ ගත කිරීමෙන් අනතුරුව නැවත මීගමුවට ඒමට දෙදෙනා පිටත් විය. සිනා සෙමින් විහිලු තහළු කරමින් අපි නිදහසේ ආහ. අලුතපොල පන්සලේ සිට මීටර් 500ක් පමණ ආවිට " චටාස් සු සු සු සු චිරිස් චිරිස් චිරිස් " ගා ඇසුනි. මදුරුවා නතර විය. ඇඟේ ලේ නතර විය. දෙදෙනාම මදුරුවා පිටින් බැස පසු පස රෝදය දෙස බැලුහ. "අම්මට *$%^*%^ පත යකඩ කෑල්ලක් ඇනිලානේ බන්. දැන් මොකද කරන්නේ අඩෝ මේ මහා රෑ වින්කලයක් කොහොමද හොයන්නේ කිලෝ මීටර 16ක් පයින් කොහොමද හු&*%&* තල්ලු කරන්නේ ?? " ඒ මගේ හඬ විය. ලසිතගේ ඇස් වලින් ඔහුට කියන්න ඕන හැම දේම දිස් විය. ඉතින් අපි පුළුවන් තාක් මදුරුවා පණගන්වමින් රේස් කරමින් ඉදිරියට ආහ. මන්ද එහි පෙට්‍රල් full tank තිබු නිසාය.

පසුව පැය බාගයක් පමණ දෙදෙනා මාරුවෙන් මාරුව තල්ලු කරගෙන ඉදිරියට එනවිට අපි මෙන් මහා රෑ අසරණ වූ තවත් කොල්ලෝ පිරිසක් " මල්ලි තව ඉස්සරහ විනකලයක් තියනවා පලයන් ඉක්මනට" කිවේය. ඔවුනට ස්තුති කරමින් අපි පය ඉක්මන් කරමින් තව ටිකක් වේගයෙන් රේස් කරමින් ඉදිරියට ආහ. එසේ තල්ලු කරන යන විට කාලකන්නි අවජාතක කොල්ලෙක්ගෙන් කොළ අතු ප්‍රහාරයකට ලක් වීමටද මට සිදු විය. උගේ අම්මවද මතක් කරමින් මම පෙර කිව්යු වින්කලය සොයා ආවේය. ඔහ්හ් අර කොල්ලෝ කියූ ලෙසින්ම දුප්පත් ගෙදරක එක ලයිට් එකකින් දෙවියෙක් වූ වින්කල් කරු රෑ 12 ට පමණ බයිසිකල් 6 කට පමණ පැච් දමමින් සිටියහ. අපි දෙදෙනා මදුරුවා තල්ලු කරමින් ඔහුට ලං විය." මල්ලි ඔය බයික් නම් ගලවන්න බැ අම්මෝ පිසූ හැදෙනවා ඕක කරන්න බැ " දෙවියෙක් ලෙස පෙනුණු ඔහු අපිට මාරයෙක් ලෙස එලෙස කිවේය. කෙල ගිලුණු මන් " නෑ මාමේ අපි ගොඩක් දුර අනේ මොකක් හරි කරලා දාල දෙනවද " යනුවෙන් පින්සෙන්ඩු විය. පසුව ඔහු " එහෙනම් එළියෙන් තමයි දාන්න වෙන්නේ " යනුවෙන් කිහ. " හරි කමක් නැ අනේ කොහොමහරි " යනුවෙන් අපි පිළිතුරු දුන්හ. පැය බාගයකින් අනතුරුව ඔහු අපේ වැඩේ කර දුනි. " පැච් හයක් දැම්ම " ඔහු කිවේය. ගාන කියාද ? 80ක් දෙන්න. " පැච් හයට අසුවක් අපේ හිත මුමුනන්න විය. මු දෙවියෙක් නෙමේ දෙවියෙක් තාත්තෙක් යැයි සිතා දෙදෙනාගේම අතේ තිබු මුදල් එකතු කරමින් රුපියල් දෙසියක්ම ඔහුට පුදා කරණිය මෙත්ත සුත්‍රය, ඉතිපිසෝ ගාථාව කියමින් පැයට කිලෝ මීටර 30 ක පමණ වේගයකින් මීගමුවට ලඟා විය. පසුව ලසිතව ඇරලීමට මා කට්ටුවට යාමට සිදු විය. කට්ටුවට ආසන්න වත්ම මිනිස්සු සෙට් එකක් කොල්ලෝ සෙට් එකක් පාස්සෙන් එලවනා දුටු මා විරය මෙන් පාරේ මදුරුවා නතර කරමින් එය නරඹන්න විය. කොල්ලෝ රැල පසු පස එලවූ මිනිසුන් පිරිස එක වරම අපි වෙත පැමිණ " අඩෝ තොපි නේද විසිල් ගහන්නේ පර බල්ලෝ . කෝ තෝ බැහැපිය " යනුවෙන් කෑ ගසා ලසිතගේ පිටට පට්ට ඇතුල් පහරක් එල්ල කළේය. ලසිත එකදු වචනයක් හෝ කතා නොකරයේ. ලසිතව මදුරුවාගෙන් බස්සවගත් ඔවුන් ඔවුන්ගේ ඔවුන්ගේ යතුරු පැදියක දාගනිමින් කට්ටුව හන්දිය දෙසට ගියේය. ඔවුන්ගේ ගමනාන්තයට ලඟා විය. " කෝ ගනින් තොපි ගාව තියන විසිල් නිදාගන්නත් නැ රෑට තොපි විසිල් ගහනවා.. " ඒ මහත අන්කල් මොර ගැසුවේය. තව හතර දෙනෙකු පමණ අපි දිහා බලාගෙන සිටියේ තනි වූ බැල්ලියෙකුට වැඩේ කරන්න බලාගෙන සිටින බල්ලෝ රැලක් මෙනි.

" අනේ අයියේ අපි විසිල් ගැහැව්වේ නැ. අපි ගාව විසිල් නැ. අපි පන්සල් ගිහින් එන ගමන් මේ බලන්න සුදු සරමයි ෂර්ට් එකයි. විසිල් නැ අපි ගාව. බොරුනම් අපේ ඇඳුම් ගලවලා හරි බලන්න " යනුවෙන් මම  ඇටි කෙහෙල් කා උගුඩුවෙකු මෙන් අත්දෙකද මහා පාරේ ඔසවාගෙන බැරිම තැන කිහ. මුත්‍රා බර ළඟ ළඟ එන බව මමත් ලසිතත් හොඳාකාරවම දැන සිටියහ. එක වරම එකෙක් ලසිත දෙස හැරී..
" උඹ මේ හන්දියට එනවද ?
" ඔවු එනවා.."
"උඹ කට්ටුවේද ? "
"ඔවු මම කට්ටුවේ "
" ඒයි උඹ උපුල් අයියගේ පුතාද ???????
"ඔවු "

අම්මට හුඩු පලයන් පලයන් . අපි විහිළුවක් බන්සලා කරේ. හරි හරි යමන් යමන්. පරිස්සමෙන් යමන් මේ මහා රෑ රස්තියාදු ගහන්නේ නැතුව.." කියමින් අපිව පිටත් කළහ. මම ලසිතව ගෙදරින් ඇරලවා නැවත ගෙදර ගියේ මිටින් හල කුරුලෙකු මෙන්ය. පැච් එක අමතක විය. ලසිත සමග මම කතා කරේ පහුවදා දවාලටත් පසුවය.

ඒ මමයි ලසිතයි කාපු චාටර් කටු වලින් එකක් පමණි.
ජය වේවා. උඹ නැති අඩුව දැනෙනවා බන්...

No comments:

Post a Comment