ශ්‍රී ලංකාව තුල පැවතී 30 වසර ගැටුම තුල ශ්‍රී ලාංකිකයන්ට තම ජිවත් නිදහසේ සිය ජිවන කටයුතු කරගෙන යාමේ අවහිරතා අපහසුතා ඇතිවිය. විශේෂයෙන් තමන්ගේ ජීවිතය පිලිබඳ තබා තිබු බලාපොරොත්තුද බොහෝ අතහැර දමමින් සිය ජීවිතය ගෙන ගියේය.
එය ගැටුම පැවති උතුරු - නැගෙනහිර පළාත්වල ජනයාගේ සිත් සතන් වල පමණක් නොව දකුණේ ජනයාගේ සිතේද පැලපදියම් විය. ඒ කරුණු කාරනා එසේ තිබියදී ශ්‍රී ලාංකීය ජනයාට තිබු ගැටළුවක් වුයේ අතුරුදහන් වීමය. ජනතාව තුරුදහන් වීම අතුරුදහන් කර වීම එදා සිට මේ සමාජය තුල ගැබ් වී තිබණි. විශේෂයෙන් ගැටුම් ඇති වූ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි අතුරුදහන් වූ පුදගලයන් ගැන සෙවීමට ජනාධිපතිතුමා විසින් අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම 2013 අගෝස්තු මස 15 වන දින ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසම පත් කරයි. එයට හේතුව ජනාධිපතුතුමා වෙත උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පුද්ගල පැහැර ගැනීම් අතුරුදහන් කරවීම් වැනි අවාසනාවන්ත සිදුවීම් පිලිබඳ වාර්තා වී ඇති නිසාය. ඒ අනුව 1983 සිට 2009 මැයි මස දක්වා ( පෙර සඳහන් කර තිබුනේ 1990 සිට 2009 මැයි දක්වයි. පසුව එය සංශෝධනය කෙරිණි. ) සිදු වූ අතුරුදහන්වීම් හා පහර ගැනීම් පිලිබඳ විමර්ශනය කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොමිසමට වගකීම පැවරිණි. ඒ අනුව කොමිඉසම විසින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි වලට අනුව මේ අතුරුදහන්, පැහැරගැනීම් වලට වගකිව යුත්තන් හඳුනාගෙන එම පුද්ගලයන්ට දඬුවම් දීමේ බලයද මෙම කොමිසමට දී ඇත. තවද මතු අනාගතයේදී එවැනි සිදුවීම් නොවීමට අවශ්‍ය නිර්දේශයන්ද සකස් කිරීමේ බලය ඔවුනට ලබා දී ඇත.
2013 ඔක්තෝම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් මාස වල සියලුම මාධ්‍යන් වල භාෂා තුනෙන්ම ජනතාවට දැනගැනීම පිණිස දැන්වීම පළ කරවා 2014 මාර්තු 31 වන දිනට සාමාන්‍ය ජනතාවගෙන් පැමිණිලි 13,476 ක්ද ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් පැමිණිලි 5000ක්ද කොමිසමට ලැබී ඇත. කොමිසම සිය නැගෙනහිර පළාතේ පළමු සක්ශි විමසීම මසුගිය මාර්තු 22 වනදා අවසන් කළහ.එහිදී චෙන්කලාඩි, වාකරේ හා මඩකලපුවේ පුද්ගලයන් 129 දෙනෙකු සාකෂි ලබා දුන්හ. යාපනය දිස්ත්‍රික්කයේද සාක්ෂි විමසීම අවසන් කල කොමිසම එහිදී යාපනය ජනතාව 984 දෙනෙකු සාක්ෂි ලබා දී ඇත. මෙම සාක්ෂි ලබාදුන් පුද්ගලයන් අතර ආගමික නායකයන් සිවිල් සමාජ ක්රියාකාරිවරුන් දේශපාලඥයින් රාජ්‍ය සේවකයන් වැනි පිරිස් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්හ. ලැබී ඇති පැමිණි විමර්ශනය කාරමින් ජාති ආගම කුල බේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් දීමේ බලය මෙම කොමිසමට ලබා දී ඇත. එහෙයින් මහජන හමු වලදී සාක්ෂි කරුවන් විසින් දී ඇති සාක්ෂි කොමිෂම විසින් විශ්ලේෂණය කර පරීක්ෂණ සඳහා සුදුසු පැමිණිලි විමර්ෂණ ඒකකය මාර්ගයෙන් විමර්ෂණය කරනු ලබයි. ඒ සෑම පැමිණිල්ලක්ම කොමිසම විසින් සොයා බලා පැමිණිලි කරුවන්ට සාධාරණය ඉටු කිරීමට බලාපොරොත්තු වේ.
තොරතුරු සඳහා මුලාශ්‍ර -
No comments:
Post a Comment